ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධුරකාලය 2020 වසරේ ජුනි මාසය දක්වා පවතින බවට පෙනීයන බැවින් ඒ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසා බැලීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
නීත්‍යනුකූව එම කාලය තුළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තම ධුරය දැරීමට හැකියාව ලැබුනහොත් ජනාධිපතිවරණයට පෙර මහා මැතිවරණය පැවැත්වෙන බවද එම පක්ෂයේ මහලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.
19 වැනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධුර කාලය වසර 05ක් බවද ඒ මහතා පවසා සිටියේය.
එහෙත් වසර 05 ආරම්භ වන්නේ පනත් කෙටුම්පතට කථානායකවරයා අත්සන් කළ දිනයේ සිටද යන්න ගැටලුවක් මතු වී ඇති බවත්, කිසිදු පනතක් අතීතයට බලපාන්නේ නැති බැවින් ධුර කාලය ගණනය කිරීම පනතට අත්සන් කළ දිනයේ සිට ආරම්භ වන බවත් මහලේකම්වරයා පැවසීය.
අධිකරණ තීන්දුවකින් එයතහවුරු වුවහොත් ජනාධිපතිමෛත්‍රීපාල සිරිසේන මහතාට 2020 වසරේ ජුනි 21 දක්වා ජනාධිපතිධුරය දැරිය හැකි බවද ඒ මහතා පවසා සිටියේය.
මහලේකම්වරයාඊයේ (09දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් මේ බව පවසා සිටියේය.
එමෙන්මමේ මස 22 වැනිදායින් පසු අදාළ මතය විමසීමටපියවර ගන්නා බවද හෙතෙම සඳහන් කළේය.
ජනාධිපතිවරණයටපෙර මහා මැතිවරණයක්පැවැත්වීමට කටයුතු කළහොත්ජනාධිපති අපේක්ෂක ගැටලුවලට විසඳුම් ලැබෙන බවද මහ ලේකම්වරයා පැවසීය.