මෛත්‍රී පොලොන්නරුවෙන් අංක එකට එනවා - රෝහණ


මෙවර මහ මැතිවරණයට පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් තරග කරන හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලොන්නරුවෙන් අංක එකට පැමිණෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.

අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැටුණයි. බිඳ වැටුණයි. අසරණ වුණයි කියන බොහෝ අවස්ථා අපි අහලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැටෙන්නේ නෑ. ඉදිරියට යනවා.

ප්‍රසන්න රණතුංග කියන පුද්ගලයා පුද්ගලයෙක්නේ. පක්ෂ නායකයෙක් නෙමෙයිනේ. කොයිම සාකච්ඡාවකවත් එතුමාගේ නම අපට ලැබිලා නෑ.එතුමාගේ ප්‍රකාශ අපිට වැදගත් නෑ. හඳට බල්ලෝ බුරනවා හඳ කඩා වැටෙන්නේ නෑ”

 



Recommended Articles