එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවට එක්වූ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන්ට අමාත්‍යධූර ලබාදීම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රතික්ෂේප කර ඇතැයි බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
සති කිහිපයකට ඉහතදී එක්සත් ජාතික පෙරමුණෙන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එක්වූ විජයදාස රාජපක්ෂ මහතාට හා පසුව අමාත්‍යධුරයෙන් ඉවත්වූ වසන්ත සේනානායක මහතාට අමාත්‍යධුර පිරිනැමූ බව පෙන්වා දෙන අමාත්‍යවරයා මෙය ජනපතිගේ ද්විත්ව සම්මතයක්ද එසේත් නොමැතිනම් අලත් සම්මතයක්ද යන්න ප්‍රශ්ණ කරයි.
President denies Ministerial portfolios to SLFP MPs joining the Govt - a dramatic turnaround of the policy applied to UNPers Wijedasa Rajapaksa and Wasantha Senanayake when they joined the deposed MR Govt just weeks ago! Are Double-Standards the New Standard in the Making?
— Champika Ranawaka (@pcranawaka) December 21, 2018