මෙම වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 24,180ක් වාර්තා වී ඇති අතර මරණ 13ක් සිදුව ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේය.
ඒ අනුව එහි ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රසිලා සමරවීර මහත්මිය ප්‍රකාශ කර සිටියේ කොළඹ, ගම්පහ, රත්නපුර, මහනුවර සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවල මේ වන විට බහුලව ඩෙංගු රෝගීන් වාර්තා වී ඇති බවයි.
රට තුළ ඩෙංගු ව්‍යාප්තියේ සීග්‍ර වැඩිවීමක් නිරීක්ෂණය නොවුණද කඩින් කඩට ඇතිවන වැසි තත්ත්වය සමග ඩෙංගු මදුරුවන් බෝ විය හැකි ස්ථාන වැඩීවීම නිසා වාර්තාවන රෝගීන්ගේ වර්ධනයක් බලාපොරොත්තු විය හැකි බවද විශේෂඥ වෛද්‍යවරිය පවසා සිටියාය.