මේ වසරේ අඩුම සංචාරක ආදායම මැයි මාසයේ


සංචාරක කර්මාන්තය තුළින් ශ්‍රී ලංකාව මේ වසරේ මේ දක්වා ඉපයූ අවම ආදායම මැයි මාසයේදී වාර්තා වි තිබේ. මැයි මාසයේදී ශ්‍රි ලංකාවට පැමිණි සංචාරකයන් ප්‍රමාණ්‍ය 83,309 ක් වූ අතර එයින් ලද ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 131.5 කි. 

අප්‍රේල් මාසයේදී සංචාරක කර්මානතේයේ ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 166.5 ක් වූ අතර මාර්තු මාසයේ දී එම ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 198.1 ක් විය. සාමාන්‍යයෙන් මැයි මාසය ලංකාවේ සංචාරක ව්‍යාපාරය තුළ සංචාරකයන් පැමිණීම අඩුවෙන් පෙන්වන මාසයක් වෙයි.

2022 මැයි මාසයේදී ශ්‍රී ලංකාව සංචාරක කර්මාන්තයෙන් ඉපයූ අදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 43.5 ක් පමණ විය.

 



Recommended Articles