මේ වන විට ක්‍රියාත්මක වන්නේ සංවිධානාත්මක වන අලි ඝාතනයේ දෙවැනි රැල්ලයි


සංවිධානාත්මක ක්‍රියාවලියක් මගින් වන අලි ඝාතන රැලි දෙකක් නිර්මාණය කර ඇති බවත්, වර්තමානයේ ක්‍රියාත්මක වනුයේ දෙවන රැල්ල බවත් පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා පැවසීය.

ඒ අනුව මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කරන බව අද (22දා) පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27/2 යටතේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් හෙතෙම සඳහන් කළේය.

එමෙන්ම මෙරට අලි ඇතුන් දේශපාලනය සඳහා සම්බන්ධ කරමින් කටයුතු නොකරන ලෙස විපක්ෂනායකවරයා ඇතුළු විපක්ෂයෙන් කාරුණිකව ඉල්ලා සිටින බවද ඇමතිවරයා පැවසීය. අමාත්‍යවරයා පාර්ලිමේන්තුව නොමග යැවීමට කටයුතු කරන බව ඊට ප්‍රතිචාර දක්වමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.



Recommended Articles