මේ වන විට ත්‍රිවිධ හමුදාවෙන් නිරෝධායනය වු පිරිස 4917ක්


කොරෝනා ආසාදනය හේතුවෙන් නිරෝධායනයට ලක් කෙරුණු පිරිස් අතරින් ශ්‍රී ලංකා ත්‍රිවිද හමුදාව විසින් නිරෝධායනය වු 4917 දෙනෙක් මෙ වන විට සිය නිරෝධායනය අවසන් කර ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද (3) දින පැවති කොරෝනා මර්දන මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව අවධාරණය කළේය.

එමෙන්ම නාවික හමුදාවේ පිරිස් හා සම්බන්ධව පැවති ඔවුන්ගේ පවුල්වල සමාජිකයින්, ඥාතින් , ළඟින් ඇසුරු කළ පිරිස් ආදි වශයෙන් I .II .III  වැනි මට්ටම් වල පිරිස් 1023 දෙනෙකු මේ වන විට නිරෝධායනය වෙමින් පවතින බවත් හමුදාපතිවරයා අවධාරණය කළේය.

 



Recommended Articles