මේ රට ඉල්ලන්නේ වෙන කවුරුත් නෙමෙයි ගෝඨාභය පමණයි - විමල්


රට රැක්ක  රට රකින කඳවුර ගෝඨාභය රාජපක්ෂගේ කඳවුර බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ මහතා පැවසිය .

මාතර දි පැවති ජන හමුවකදි ඔහු  මේ  බව පැවසිය .

එහිදි  අදහස් පළකල ඒ මහතා ,

‘‘නොවැමිබර් 16 තමුන්නාන්සෙලා ඡන්ද පොළට යන්නේ පුද්ගලයෙක් දිනවන්න නෙමෙයි , අරමුණක් දිනවන්න , රටක් දිනවන්න . මෙතැන තියෙන්නෙ කඳවුරු දෙකයි එකක් පුතානෝගේ කඳවුර . ඒ කඳවුරේ  ඉන්නවා අන්තවාදියෝ රෝත්තම. අනුහත් වතාවක් බුද්ධි අංශ අනතුරු අඟවද්දි සහරාන්ගේ ත‍්‍රස්තවාදය මට්ටු නොකරපු රොත්ත ඉන්නේ  එතන . දැන් බලන්න මේ  ආණ්ඩුව අන්තවාදින් පෝෂණය කරපු එකෙන් මුස්ලිම්වරුන්ට අන්තවාදි ලේබල් එක එල්ලූනා . හැම මුස්ලිම්  කෙනෙක්ම අන්තවාදියෙක් නෙමෙයි . එහෙනම්  ඒ අන්තවාදි ලේබල් එක ගලවන්න පුළුවන් අන්තවාදය මට්ටු කරපු ගෝඨාභය රාජපක්ෂට පමණයි . දෙයිහාමුදුරුවනේ මහා දවල් මහා බැංකුව හොරාකාපු හොර රැළ  එකට ඉන්නවා . පුතානෝගේ දකුණු අත පැත්තෙන් ඉන්නවා රවි කරුණානායකයානෝ. වම්අත පැත්තෙන් ඉන්නවා රනිල් වික‍්‍රමසිංහයානෝ . ඊගාවට කබිර් හෂිර්යානෝ.  සුජිව සේරසිංහයානෝ මේ  හොරු රැළට  කවුද ඡන්දය දෙන්නේ.  

ඒ කඳවුරට ප‍්‍රතිවිරුද්ධව එක කඳවුරයි තියෙන්නේ . ඒ රට රකින කඳවුර . රට රැකක  කඳවුර මවුබිමට පනදිපු කඳවුර ගෝඨාභය මහින්ද සුසංයෝගයෙන් හදන අපේ කඳවුර . දැන් පුතානෝ බදුබර වැඩියි කියලා දන්නෙ ඊයේ පෙරේදා එතකල් නිදාගෙන ඉදලා තියෙන්නේ . මෙහෙ ඉන්න පිංසිරි තමයි ඔය බදු වැඩි කරන යෝජනා ගෙන්නේ . පිංසිරි ගේනවා පුතානෝ අත උස්සනවා . දැන් පුතානෝට එක පාරට මතක් වෙලා බදුබර වැඩියි කියලා . දැන් බස්සන හැටි කියනවා . අනිත් පැත්තෙන් රණවිරුගායට බේත්  දෙනවලූ . රණවිරුවෝ නිසා නෙමෙයිද යුද්ධය දිනුවේ. බයක් සැකක් නැතුව ජිවත් වෙන්න ලැබුණේ . දෙයිහාමුදුරුවනේ ඒ රණවිරුගායට බේත්  දෙන්න හදනවා . රණවිරුන්ට බේත්  දෙන්න හදනවා සහරාන්ලට විටමින් දෙනවා . මේ  රටේ  සිංහල , මුස්ලිම් , දෙමළ සියලූ ජාතින් ඉල්ලන්නේ කොයි මුහුණුවරින් ආවත් අන්තවාදය පරද්දලා මේ  පොළවට සාමය ගෙන එන්න පුළුවන් පාලකයෙක් .  මේ  රට ඉල්ලන්නේ ඒ වෙනින් කවුරුත් නෙමෙයි ගෝඨාභය රාජපක්ෂ පමණයි ’’ යැයි විරවංශ මහතා වැඩිදුරටත් පැවසිය.   

මාතර - මහේෂ් මලවරආරච්චි

      

 

 



Recommended Articles