මේ දිනවල උණට පැරසිටමෝල් පමණක් ගන්න


මේ දිනවල පවතින උණ තත්ත්වය සඳහා පැරසිටමෝල් ඖෂධය හැර වේදනා නාශක ලබා නොගත යුතු බව කොළඹ ජාතික රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතා සඳහන් කළේය.

ඒ මහතා පෙන්වා දුන්නේ එසේ කිරීමෙන් අදාළ පුද්ගලයාගේජීවිතය 'අනතුරේ වැටෙන' බවයි.

ඒ අනුව වෛද්‍යවරුන්ද රෝගීන්ට ප්‍රතිකාර ලබා දීමේදී මේ පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ යුතු බව විශේෂඥ වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.



Recommended Articles