මෙොනරාගලින් වැඩිම ආසාදිතයින් වාර්තා විම ඊයේ


මොනරාගල දිස්ත්‍රික්කයෙන් අද (31) පෙ.ව නවයෙන් අවසන්වූ පැය 24 තුළ කොවිඩ් 19 රෝගීන් 116 දෙනෙකු හමුවී ඇතැයි මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක තුසිත අත්තනායක මහතා පැවසීය.

මේවන විට මොනරාගල දිස්ත්‍රික්කයෙන් හමුවී ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 2,600 කි.දැනට මොනරාගල දිස්ත්‍රික්කය තුළ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන හතරක් පිහිටුවා ඇත.

වැල්ලවාය සහ මොනරාගල යොවුන් සේනාංක මධ්‍යස්ථාන,බුත්තල සහ මැදගම ප්‍රාදේශීය රෝහල් වල මෙම කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ස්ථාපිතකර ඇත.

එම ප්‍රතිකාර මධ්‍යස්ථාන වල රෝගීන් 500 දෙනෙකුට පමණ ඉඩ පහසුකම් ඇත.

මොනරාගල දිස්ත්‍රික්කයෙන් හමුවන රෝගීන් එම මධ්‍යස්ථාන වලට යොමුකිරීමට කටයුතු යොදා ඇතැයි ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.

 



Recommended Articles