මෙල්බර්න් වෙත අලුතෙන් ගුවන් ගමන් වාර තුනක්


ඕස්ට්‍රේලියාවේ සිට සංචාරක ඉල්ලුම ඉහළ යාමත් සමගම ශ්‍රී ලන්කන් ගුවන් සේවය මෙල්බර්න් නුවර වෙත සතියකට තවත් ගුවන් ගමන් වාර 03 ක් එළඹෙන 11/15 දින සිට වැඩි කිරීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා පැවසීය.

ඒ අනුව කටුනායක සිට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වෙත සතියකට ගුවන් ගමන් වාර 10 ක් ක්‍රියාත්මක වන අතර ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර වෙත තවත් ගුවන් ගමන් වාර 04 ක් ද සුපුරුදු පරිදි ක්‍රියාත්මක වන අතර , ඒ අනුව ඕස්ට්‍රේලියාව වෙත කටුනායක සිට සතියකට ක්‍රියාත්මක වන  ගුවන් ගමන් වාර සංඛ්‍යාව 14 දක්වා ඉහළ ගොස් තිබේ .

මෙසේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වෙත අලුතින් ක්‍රියාත්මක කෙරෙන ගුවන් ගමන් සෑම සතියකම අගහරුවාදා , බ්‍රහස්පතින්දා සහ ඉරිදා යන දින වල කටුනායක ගුවන් තොටුපොළේ සිට ක්‍රියාත්මක වීමට නියමිතය .

මේ පිළිබද වැඩිදුර විස්තර දැනගැනීම සදහා ඔබගේ සංචාරක නියෝජිතයා , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ 1979 හදිසි දුරකථන අංකය හෝ www.srilankan.com වෙබ් අඩවිය වෙත පිවිස දැන ගන්නා ලෙස ද දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය .



Recommended Articles