මෙරට රැදී සිටින විදේශිකයන්ගේ වීසාවල වලංගු කාලය දීර්ඝ කරයි


මෙරට රැදී සිටින විදේශිකයන්ගේ සියලුම වර්ගයේ වීසාවල වලංගු කාලය ඔක්තෝම්බර් 7 වනදා සිට නොවැම්බර් 6 දක්වා තවත් දින 30 කින් දීර්ඝ කර තිබෙන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.

2021 මැයි 11 දින සිට නොවැම්බර් 6 දින දක්වා කාලසීමාව තුල කල් ඉකුත් වූ වලංගු වීසා සඳහා එම කාලසීමාවට අදාළ වීසා ගාස්තු පමණක් අය කරන අතර, කිසිදු දඩ මුදලක් අය නොකරන බව එම නිවේදනයේ සඳහන් වෙයි.



Recommended Articles