මෙරට රැදි සිටි ඉන්දියානු ජාතිකයින් 153 දෙනෙකු රැගෙන යාමට ගුවන්යානයක් කටුනායකට


ශ්‍රී ලංකාවේ සංචාරය සදහා පැමිණ ,කොරෝනා වසංගත රෝග තත්ත්වය නිසා , යළි ආපසු ඉන්දියාවට යෑමට නොහැකිව ශ්‍රී ලංකාවේ රැදී සිටි ඉන්දීය සංචාරකයන් 153 දෙනෙකු අද (15) දින උදෑසන ඉන්දීය ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයක් මගින් කටුනායක ගුවන් තොටුපළේ සිට ඉන්දියාවට රැගෙන යෑම සිදු කෙරුණි .

ඉන්දීය ගුවන් සේවයට අයත් ඒ.අයි.- 1202 දරන එම විශේෂ ගුවන් යානය අද  දින උදෑසන 10.15 ට කටුනායක ගුවන් තොටුපළෙන් ඉන්දියාව බලා පිටත් විය .

මෙම ගුවන් යානය තුළ ව්‍යාපාරික පංතියේ 12 දෙනෙකු ද , පිරිමැසුම්දායක  පංතියේ 138 දෙනෙකුද , තවත් කුඩා දරුවන් 03 දෙනෙකු ද වශයෙන් ගුවන් මගීන් 153 දෙනෙකු  අසුන් ගෙන සිටියහ .

මෙම ගුවන් යානයේ පළමු ගමනාන්තය ඉන්දියාවේ කොචින් ගුවන් තොටුපළයි . එම ගුවන් තොටුපළෙන් මෙම ගුවන් යානය තුළ සිටි ව්‍යාපාරික පංතියේ අසුන් ගෙන සිටි 03 දෙනෙකු ද , පිරිමැසුම්දායක පංතියේ 58 දෙනෙකු ද , කුඩා දරුවන් 02 දෙනෙකු වශයෙන් ගුවන් මගීන් 63 දෙනෙකු බැස යාමට නියමිතය .

ඉන්පසුව එම ගුවන් තොටුපළෙන් පිටත් වන මෙම ඉන්දීය විශේෂ ගුවන් යානය ඊළඟට බැංගලෝර් ගුවන් තොටුපළ වෙත ළගා වීමට නියමිතය . එහිදී ඉතිරි ගුවන් මගීන් වන ඉතිරි ගුවන් මගීන් 90 දෙනා ද බැස යෑමට නියමිතය .

ඔවුන් මෙම ගුවන් යානය තුළ ව්‍යාපාරික පංතියේ 09 දෙනෙකු ද , පිරිමැසුම්දායක පංතියේ 80 දෙනෙකු ද , කුඩා දරුවන් 01 අයෙකු ද වශයෙන් අසුන් ගෙන සිටියහ .

මෙම ගුවන් මගීන් ඉන්දියාව වෙත යෑමෙන් පසු දින 07 ක් එම ගුවන් තොටුපළවල් අසල හෝටල් වලද , තවත් දින 07ක් එම ඉන්දීය ජාතිකයන්ගේ නිවාස තුළ ද නීරෝධායනය වීමට නියමිතය .

 

 



Recommended Articles