මෙරට ප්‍රධාන අපනයන ගැනුම්කරු ඇමෙරිකාව බ්‍රිතාන්‍ය පරදා ඉන්දියාව දෙවන තැනට


ඉකුත් වසර ගණනාවක්ම අඛන්ඩව  මෙරටට වැඩිම  අපනයන ආදායමක් ලබාදුන්  ඇමෙරිකා එක්සත් ජනපදය 2023 වසරේද  මුලු  අපනයන ආදායමෙන් සියයට 23.2 ක ප්‍රතිශතයක් ලෙස ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 2769 ක් වූ වැඩිම ආදායමක්  මෙරටට  ලබා දෙමින් අපනයන ගැනුම්කරුවන් අතරින් ප්‍රථම තැන හිමිකරගෙන සිටී . 

අඛන්ඩව පසුගිය වසර කීපයක්ම මෙරටට  අපනයන ආදායම් ලබාදුන් රටවල් අතර තෙවන තැනට පත්ව සිටි ඉන්දියාව 2023 වසරේ එක්සත් ජනපද  ඩොලර්  මිලියන  853 ක අපනයන ආදායමක් ලබා දෙමින් දෙවන තැනටද මෙතෙක් දෙවන තැන හිමිකරගෙන සිටි එක්සත් රාජධානිය ඩොලර් මිලියන 849 ක් ලබාදෙමින්  තෙවන තැනටද පත්ව සිටීම විශේෂත්වයකි .

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2023 වාර්ෂික ආර්තික විවරණ වාර්ථාවේ අපනයන ආදායම් දත්ත අනුව මේ තොරතුරු අනාවරණය වෙයි.

ජේ. ඉදුරුවගේ

 



Recommended Articles