මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 855 දක්වා ඉහළට


අද (10) දිනයේ පස්වරු 6.10 පමණ වන විට නව කොරෝනා ආසාදිත පුද්ගලයින් 8 දෙනෙකු වාර්තා වි ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

මෙම රෝගින් 8 දෙනාගෙන් 6 දෙනෙක් නාවික හමුදා සමාජිකයින් වන අතර අනෙක් දෙදෙනා ඩුබායිවල සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින්ය.

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු රෝගින් ගණන 855 දෙනෙකි.

සුවය ලබා මේ වන විට පිටව ගිය පිරිස 321කි.

ඊයේ (9) දිනයේ සිදු කරන PCR පරික්ෂණ ගණන 1424 කි.



Recommended Articles