මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1117 දක්වා ඉහළට


අද (24) දිනය වන විට සවස 5.30 පමණ වන විට කොරෝනා ආසාදිත නව රෝගින් 28 දෙනෙකු සොයා ගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි.

මෙම රෝගින්ගෙන් 5 දෙනෙක් කුවේට්වල සිට පැමිණ ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටින පුද්ගලයින්ය.

අනෙක් රෝගින් 23 දෙනාද කුවේට්වල සිට පැමිණි මින්නේරිය නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් වෙමින් සිටින පිරිසකි.

මේ වන විට මෙරට කෙරෝනා ආසාදිතයින් මුළු ගණන 1117 දක්වා ඉහළ ගොස් තිබේ. එම රෝගින්ගෙන් 674 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබේ.

 



Recommended Articles