මෙරට කර්මාන්ත හා ව්‍යවසායකයින් ආරක්ෂා කරන්න අපි බැඳි සිටිනවා - විමල්


වැරදුන ආර්ථික උපායමාර්ග නිවැරදි කරගෙන ඉදිරියට යාමට ඉතිහාසය බලකර කියා සිටින බවත් කර්මාන්ත හා ව්‍යවසායකයින්  ආරක්ෂා කිරිමට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ බැදි සිටින බව කුඩා හා මධ්‍යපරිමාණ  ව්‍යාපාර , ව්‍යවසාය සංවර්ධන , කර්මාන්ත හා සැලසුම්  කළමනාකරණ අමාත්‍ය විමල් විරවංශ මහතා පැවසිය .

ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විසින් පවත්වනු ලැබු ‘‘දකුණු පළාත් විශිෂ්ඨතම ව්‍යවසාය සම්මාන උළෙල  2019’’ ට  එක්වෙමින්  අමාත්‍යවරයා  මේ  බව පැවසිය .

එහිදි අදහස් පලකල ඒ මහතා ,

‘‘පසුගිය වසර හතරහාමාරට මේ  රටේ  ව්‍යවසායකයින් සමහරක් තවදුරටත් ණය ගන්න බැරිව ගොදුරක් බවට පත්වුනා . තමන්ගේ දේපළ  වෙන්දේසි කරන්න බැංකු වලින් පියවර අරගෙන තිබුනා . ඒ නිසා බොහෝ දෙනෙක් නොවැම්බර් 16 මේ  රට ගන්න තිරණය දිහා බලන් හිටියේ.  ඒ තීරණය වැරදුනොත් මේ  රට ඇතැරලා වෙන කොහේටහරි යනවා කියලා හිතාගෙන . ඒ ගෙවිච්ච කාලය තුල මේ  රටේ  ආර්ථිකය තිරණය වුණේ  දේශිය ව්‍යවසායකයා හෝ කර්මාන්තකරුවා ආරක්ෂා කිරිම ප‍්‍රවර්ධනය කිරිම පදනම්  කරගෙන නෙමෙයි .

අපේ ව්‍යවසායකයින්ට  තිබුණ  ඉඩ විදේශිය ව්‍යවසායකයින්ට  වෙන්කරදිම තමයි ගෙවුණු  වසර හතරහාමාරට අප ඉදිරියේ රඟ  දැකුවුණේ .  එපමණක් නෙමෙයි අපේ  කර්මාන්ත බිද වැටෙනවා වගේම වෙනත් රටවල් නිෂ්පාදනය කරපු නිෂ්පාදන අපේ වෙළඳපොළ ආක‍්‍රමණය කිරිම වේගවත්ව සිදුවුනා .

දැන් බලන්න ලෝකයේ පැරණිතම රෝහල සොයාගත්තේ අනුරාධපුරයේ මිහින්තලා රෝහල , ලෝකයේ වෛද්‍යවරයෙක් පාවිච්චි  කල ශල්‍ය උපකරණ සොයාගත්තේ ඒ රෝහල් පරිශ‍්‍රයෙන් .  ඒ ශල්‍ය උපකරණ අතර තිබුණා  නුතන ශල්‍ය වෛද්‍යවරයා පාවිච්චි කරන යට ඇන්ද කොට , උඩ තලය දිග කතුරක් , එසේනම් ලෝකයේ පැරණිතම ශල්‍ය වෛද්‍ය උපකරණ කට්ටලය හදපු මිනිහා ජිවත් වෙච්ච මේ පොළව ඉතා වටිනවා .  මෙය සම්පත් වලින් ග‍්‍රහන පොළවක් .

ඔබ දන්නවා ලංකාව කියන්නේ හැමඅතින්ම වැදගත්කමින්යුත් රටක් . ඇමරිකාව මිලේනියම්  චැලෙන්ජ් ගිවිසුම අපේ රටට ගෙන එන්නේ මේ  රටේ  ඉඩම්  සුවිශේෂි වැදගත්කමක් තිබුණ  නිසයි . අපේ රට ඉන්දියන්  සාගරයේ වැදගත්  තැනකයි පිහිටලා තියෙන්නේ . ඒ වගේම රට වගේ විසිහත් ගුණයක් යුත් මුහුදු පතුලකට අපි හිමිකම්  කියන නිසා ඒ මුහුදු පතුලේ අපි නොදන්න සම්පත් විශාල ප‍්‍රමාණයක් තියෙනවා . මේ  පොළව ගත්තම කුරුදු තේ රබර් අන්නාසි වගේ ඕන  භෝගයක් වගා කරන්න පළුවන් . එහෙනම්  අපිට වැර දුන ආර්ථික උපායමාර්ගයේ වැරදුන තැන හදාගෙන නිවැරදිවිම තමයි ඉතිහාසයෙන් අපිට බලකරලා කියා සිටින්නේ . මේ  රටේ  ජනතාව ගෝඨාභය මහත්තයා රාජ්‍ය නායකයා බවට පත් කළේ ඒ උපායමාර්ග මේ  රටේ  ආර්ථිකයට එකතු කරන්න . ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ අපි බැදි සිටිනවා කර්මාන්ත හා ව්‍යවසායකයින්  ආරක්ෂා කරන්න ’’ යැයි විරවංශ මහතා තවදුරටත් පැවසිය .

 



Recommended Articles