මෙම වසරේ ජනවාරි මස සිට ඊයේ (24) දින දක්වා දිවයින පුරා වෙඩිතැබීම් සිදුවීම් 74 ක් වාර්තා වී ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. ඒ අතර සංවිධානාත්මක අපරාධ කල්ලි අතර වෙඩි තැබීම් සිද්ධීන් 56 කි.
එයින් පුද්ගලයන් 40 කු මියගොස් තවත් පුද්ගලයන් 40 කු පමණ තුවාල ලබා ඇත. ගල්කිස්ස පොලිස් කොට්ඨාසය තුළ පමණක් මේ දක්වා වෙඩි තැබීම් 08 ක් සිදුවී ද්විත්ව ඝාතනයක් ඇතුළු පුද්ගල ඝාතන 04 ක් සිදුවී ඇති අතර වෙඩි තැබීමට තැත් කිරීම් 04 ක් බව පොලිසිය සඳහන් කරයි.
විදේශ ගතව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් වන බඩෝ විට අසංක සහ කොස්මල්ලි අතර පවතින විරසයක ප්‍රතිඵලයක් ලෙස ගල්කිස්ස , දෙහිවල හා කොහුවල පොලිස් වසම් වලදී එම වෙඩි තැබීම් සිදුව ඇතැයි පොලිසිය සඳහන් කරයි.