මෙම වසරේ ගත වූ මාස අටක කාලය තුළ අලුතින් ත්‍රිරෝද රථ ලියාපදිංචි කර ඇත්තේ 19 ක් පමණක් බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා පවසයි.
ත්‍රීරෝද රථ 2,093 ක් පසුගිය 2021 වසරේ ද, ත්‍රීරෝද රථ 7,150 ක් 2020 වසරේ ද ලියාපදිංචි කර තිබේ.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව 2011 වසරේ සිට 2020 වසර දක්වා වසරක නව ත්‍රීරෝද රථ ලියාපදිංචිය කිරීමේ සාමාන්‍ය 50,000 ක් ඉක්මවන බවත් වීරසිංහ මහතා පැවසීය.
2011 වසර තුළ ලියාදිංචි කර තිබූ නව ත්‍රීරෝද රථ 138,426 වසරක් තුළ ඉහළම ත්‍රීරෝද රථ ලියාපදිංචිය වන අතර, 2015 වසරේ ලියාපදිංචි කළ ත්‍රීරෝද රථ 129,547 ක් වේ.
වාහන ආනයනය දැඩිව සීමාකිරීම හේතුවෙන් නව ලියාපදිංචි අවම වී ඇතැයි ද කොමසාරිස් වරයා සඳහන් කළේය.
රට තුළ මේ වන විට ලියාපදිංචි ත්‍රීරෝද රථ 1,184,339 ක් ඇති බව මොරටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාර්තා පෙන්වා දෙයි.