මූල්‍ය වංචා කළ තවත් විදෙස් ජාතිකයන් 5ක් තලල්ලෙන් අල්ලයි


ගන්දර පොලිස් වසමේ තළල්ල ප්‍රදේශයේ හෝටලයක් තුළදී මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදුකර වලංගු වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැදී සිටිමින් නීති විරෝධී ලෙස මූල්‍ය වංචාවන් සිදුකිරීම, සංචාරක වීසා මගින් ව්‍යාපාර සිදුකිරීම හා තීරුබදු රහිතව මෙරටට රැගෙන එන ලද දුම්වැටි ලඟ තබාගැනීම සම්බන්ධයෙන් විදෙස් ජාතික සැකකරුවන් 05 දෙනෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන ගන්දර පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.  සැකකරුවන් හා සැකකාරිය අවුරුදු 25 ත් 40 ත් අතර වයස්වල පසුවන තායිවාන් හා චීන ජාතිකයින් වේ. ගන්දර පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.


Recommended Articles