මූදුකටුව මුහුදේ නාමින් සිටියදී අතුරුදන්වූ සිසුවගේ සිරුර හමුවෙයි


මාරවිල මූදුකටුව මුහුදේ දිය නාමින් සිටි පාසල් සිසුන් සිව් දෙනෙකු 27 දින සවස දිය රළකට ගසා ගෙන ගොස් ඇති අතර එයින් තිදෙනෙකු බේරා ගෙන ගැනිමට ධීවරයින් ඇතුළු පිරිසක් සමත්වි ඇති අතර අතුරුදහන් ව සිටි  සිසුවාගේ සිරුරු 28 දින හමුවු බව  මාරවිල මුලස්ථාන පොලිසිය කියයි.

මෙසේ වෙරළට ගොඩ ගසා තිබුනේ මාරවිල මූදුකටුව සිංහපැටව් මාවතේ පදිංචි 16 හැවිරිදි නිසංසල පුෂ්පකුමාර නැමති පාසැල් සිසුවෙකුගේ සිරුරයි.

සිසුන් සිව් දෙනා 27 දින සවස මාරවිල මූදුකටුව මුහුදේ දිය නාමින් සිටියදී එකවර කඩා වැදුන දිය රළකට ගසා ගෙන ගොස් තිබියදී තිබුනී.

කෙසේ වෙතත් එම අවස්ථාවේ ඒ ආසන්නයෙ සිටි ධීවයින් හා ප්‍රදේශවාසින් කඩිනමින් මැදිහත්වි සිසුන් සොයා මෙහෙයුමක් ආරම්භ කර තිබු අතර සිසුන් තිදෙනෙකු සොයා ගැනිමට සමත් වු බව කියයි.

එසේ මුහුදේ ගසා ගෙන යද්දී සොයා ගැනිමට හැකිව තිබුනේ දුන්කන්නාවේ පදිංචිව සිටි චාමික ලක්ෂාන් (17) මූදුකටුව පදිංචි චමිත් ශාලක (17) හා මූදුකටුව වලගම්මානයෙ  පදිංචි (17) හැවිරිදි දිනෙක් ජයාන් ප්‍රියංකර නැමති සිසුන් තිදෙනෙකී.

මුහුදේ ගසා ගෙන යමින් සිටියදී සොයා ගත් සිසුන් තිදෙනා ගොඩබිමට රැගෙන ඒමේන් පසු කඩිනමින් මාරවිල මූලික රෝහලට ඇතුලත් කිරීමට කටයුතු කර තිබු අතර එයින් එක් සිසුවෙකුගේ තත්වය බරපතල බව පොලිසිය කියයි.

අතුරුදහන් වු සිසුවා සොයා ධීවරයින් හා ප්‍රදේශවාසින් ධීවර යාත්‍රා යොදවමින් 27 දින රාත්‍රියෙ  මෙහෙයුමක් ආරම්භ කර තිබු නමුත් සොයා ගැනිමට නොහැකි වු බව කියයි.

නමුත් අතුරුදහන් වු සිසුවාගේ සිරුර  අද (28දා) අලුයම මුහුදේ පවෙමින් තිබියදී ධීවරයින් විසින් ගොඩට රැගෙන ඒමට කටයුතු කර තිබුණි.

 



Recommended Articles