මුළු මැතිවරණ ඉතිහාසයම උඩුයටිකුරු කළා - ඩලස්


ඉදිරි මාස කිපය තුල මැතිවරණ ක‍්‍රමයේ වෙනසක් ජනපතිවරයා සිදුකල යුතු බව හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසිය .

මැතිවරණ ජයග‍්‍රහණය වෙනුවෙන් පාක්ෂිකයන් වෙත ස්තුතිය පිරිනැමිම සදහා ඊයේ  (8)  මාතර , වැලිගම නගරයේ පැවති ජන හමුවේදි  හෙතෙම මෙසේ පැවසිය .

එහිදි අදහස් පලකල ඒ මහතා ,

‘‘මේ  මැතිවරණ ක‍්‍රමය ඇතුලේ ගොඩක් දේවල් වෙයි . හැබැයි අපි ගෝඨාභය රාජපක්ෂ  ජනාධිපතිතුමාට භාරදෙමු මේ  මැතිවරණ ක‍්‍රමයේ ඉරණම තින්දු කරන්න . වසර 32 ක් මේ  තියෙන මනාප මැතිවරණ ක‍්‍රමය දුෂ්ඨ , වෛරකාරි , වේදනාකාරි ,  නාස්තිකාර , මැතිවරණ ක‍්‍රමයේ ඉරණම තින්දු කරන්න ගෝඨාභය මහත්තයට භාරදෙමු . එතුමා පාර්ලිමේන්තුවේ  පළමු මාස කිපය තුල එය විසදයි . මම විස්වාස කරනවා ඔබ සියලූ දෙනා එදා ජන්දපොළට ගියේ මනාප මැතිවරණ ක‍්‍රමයේ අවසාන මැතිවරණයටයි කියලා . අපි මේ මැතිවරණ ව්‍යාපාරයේ මනාප ගැන කතා කළේ නැහැ . අපි කතා කළේ ගෝඨාභය මහත්තයට තුනෙන් දෙකක බලයක් දෙන්න කියලා ඉල්ලුවේ . මු ලූ මැතිවරණ ඉතිහාසයම උඩුයටිකුරු කළා .

එජාපයේ දස ලක්ෂයකට අධික පිරිසක් , ජනතා විමුක්ති පෙරමුණේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් , ගිය ජනාධිපතිවරණයේදි ගෝඨාභය මහත්තයා විශ්වාස නොකරපු පිරිසක් මේ  මැතිවරණයේදි ගෝඨාභය මහත්තයා විශ්වාස කරලා ජන්දය දිලා තියෙනවා . ඒ අපි විශ්වාස කරලා නෙමෙයි , පොහොට්ටුව විශ්වාස කරගෙන නෙමෙයි , වෙන හේතුවක් නොවෙන්න පුලූවන් . ඒ ගෝඨාභය මහත්තයගේ ශිලාචාරකම , ආදර්ශය , විශ්වාස කරගෙන 38 ලක්ෂයක් ජන්දය පාවිචිචි කරලා තියෙනවා . ඒ නිසා මේ  තුනෙන් දෙකක බලය දෙන්නේ අපේ කටිටිය විතරක් නෙමෙයි කියන එක මතක තියාගන්න ඔ්න”  යැයි පැවසිය.

                                        

 



Recommended Articles