මුහුදේ පාවෙමින් තිබු රන් ආලේපිත යැයි සැලකෙන ප්‍රතිමාවක් හමුවෙයි


මුහුදේ පාවෙමින් තිබු රන් ආලේපිත යැයි සැලකෙන බුද්ධ ප්‍රතිමාවකට සමාන පිළිමයක් මහවැව තොඩුවාව ධීවරයින් පිරිසකට හමුව තිබේ.

මෙම බුද්ධ ප්‍රතිමාව 2 දා හමුවී ඇති අතර එය අඩියක පමණ උසකින් සමන්විත බවත් ලීයකට රන්වැන් ද්‍රව්‍යයක් අලේපණය කර ඇතැයි  ව ධිවරයින් පවසයි.

මෙය හමුවු තොඩුවාව ක්‍රිස්ටි කුමාර මහතා පවසන්නේ තමන් කතෝලිකයකු වුවත් මෙම ප්‍රතිමාව නිවසට රැගෙන විත් ආරක්ෂිතව තබා ඇති බවත් එය විහාරස්ථානයකට භාර දීමට කටයුතු කරන බවයි.



Recommended Articles