මුහුදේ ගසාගෙන ගිය රුසියානුවන් දෙදෙනා බේරා ගැනේ


හික්කඩුව පනංගොඩ මුහුදු තිරයේ දිය නාමින් සිටි රුසියානු ජාතිකයන් දෙදෙනකු  දියවැළකට හසුවි ගසාගෙන යමින් සිටියදී පොලිස් ජිවිතාරක්ෂක නිලධාරින් හා නාවික හමුදාවේ ජිවිතාරක්ෂක නිලධාරින් එක්ව බේරා ගෙන ඇතැයි හික්කඩුව පොලිසිය පවසයි.

මෙම රුසියානු ජාතිකයන් දෙදෙනා 27 හා 29 හැවිරිදි වේ.

හික්කඩුව පනංගොඩ මුහුදු තිරයේ ඊයේ පස්වරුවේ දියනාමින් සිටියදි දියවැළකට හසුවි මොවුන් දෙදෙනා මිටර් 800ක් පමණ ගැඹුරු මුහුදට ගසාගෙන ගොස් තිබේ.



Recommended Articles