මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා


දුම්රියක් පීලි පැනීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට බාධා මතුව තිබෙනවා.

බෙලිඅත්තේ සිට පැමිණි දුම්රියක් ගාල්ල දුම්රිය ස්ථානය ආසන්නයේදී මෙලෙස පීලි පැනීමට ලක්ව ඇති බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.
 
පීලි පැනීමට ලක්වූ දුම්රිය පීලිගත කිරීමේ කටයුතු මේවන විට ක්‍රියාත්මකයි.

 



Recommended Articles