මුහුදු රකුසාට ‍දෙදෙනෙක් බිලි


පානදුර මුහුදු වෙරලේ සිය පියා සමග දිය නාමින් සිටි 16 හැවිරිදි පාසල් සිසුවෙකු දියේ ගිළී අතුරුදහන්ව ඇතැයි පානදුර දකුණ පොලිසිය කියයි .

මෙසේ අතුරුදහන්ව ඇත්තේ ,පානදුර ,එළුවිල  ප්‍රදේශයේ පදිංචිව සිටි මොහොමඩ් ඩිල්ශාන් කාසීම් රහුමාන් නමැති  පාසල් සිසුවෙකු බව පොලිසිය කීය.

සිය පියා සමග අද පස්වරුවේ  දිය නාමින් සිටියදී රළ පහරට හසුව පියාගේ ගෙලෙහි එල්ලී සිටි සිසුවා එක්වරම දෑත් මගහැරී මුහුදේ ගසා ගෙන ගොස් ඇතැයි පැවසේ. පානදුර පොලිස් ජීවිත ආරක්ෂක නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් ඔහු සොයා මෙහෙයුම් සිදුකරයි.


මේ අතර මුහුදු වෙරලේ කුඩා දරුවෙකු සමග සෙල්ලම් කරමින් සිටී තරුණයෙකු අද (17) පස්වරුවේ  දියේ ගිලී මියගොස් ඇතැයි වාද්දුව  පොලිසිය පවසයි .

මෙසේ මියගොස් ඇත්තේ වාද්දුව, පොතුපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටී ජේ.එච්.අශෝක කුමාර නමැති තරුණයෙකු  බව පොලිසිය කීය  .

මියගොස් ඇති පුද්ගලයා අද පස්වරුවේ වස්කඩුව මුහුදු වෙරලේ කුඩා දරුවෙකු සමගින් සෙල්ලම් කරමින් සිට ඇති අතර , එක්වරම දියට වැටී රළ පහරට හසුව ගසාගෙන ගොස් ඇතැයි පැවසේ.

සිද්ධිය සැලවීමත් සමගින් ප්‍රදේශයේ තරුණයින් පිරිසක් ඔරුවක් ආධාරයෙන් රළ පහරට හසුව ගසාගෙන යමින් සිටීයදී ඔහු ගොඩගෙන ඇත.

අනතුරුව ඔහුව නාගොඩ මහ රෝහලට රැගෙන ගොස් ඇති අතර , රෝහල් ගත කිරීමේ දී මියගොස් ඇතැයි  එහි ප්‍රකාශකයක් පැවසීය.

පානදුර සුමිත් ප්‍රේමතිලක/ වාද්දුව දයා හේමන්ත සිල්වා  



Recommended Articles