මුහුදු නාවිකයන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළට


කොළඹ වරායේ නවතා ඇති නැවක සේවය කිරීම සදහා විදේශීය මුහුදු නාවිකයන් 28 දෙනෙකු දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ ගුවන් යානයෙන් අද (22)  දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

මෙම නාවිකයන් පිරිස අද දින අලුයම 1.30 ට කටාර් රාජ්‍යයේ දෝහා නුවර සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මොවුන්ගේ පී.සී.ආර්.පරීක්ෂණ කොළඹ ලංකා හොස්පිටල් සහ නවලෝක යන පෞද්ගලික රෝහල් විසින් පවත්වා තිබුණි .



Recommended Articles