මුහුදු ගිය මන්නාරමේ ධීවරයින් තිදෙනෙක් අතුරුදහන්


මන්නාරම ඕලුතොඩුවායි මුහුදු තීරයෙන් මසුන් ඇල්ලීම සඳහා මුහුදු ගිය ධීවරයින් තිදෙනෙකු අද (03) අතුරුදහන්ව ඇති බවට ධීවරයින්ගේ ඥාතීන් විසින් මන්නාරම් පොලීසියට පැමිණිළි කොට ඇත.

පසුගිය ජනවාරි 31 වනදා මෙම ධීවරයින් තිදෙනා ධීවර යාත්‍රාවකින් ඕලුතොඩුවායි මුහුදු තීරයෙන් මසුන් ඇල්ලීමට මුහුදු ගියද මේ දක්වා නැවත නොපැමිණීම හේතුවෙන් ධීවරයින්ගේ ඥාතීන් විසින් ඒ බව මන්නාරම් පොලීසියට දැනුම් දී ඇත.

මෙලෙස මුහුදු ගොස් අතුරුදහන්ව ඇත්තේ මන්නාරම කුඩිඉරිප්පු ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි එස්.කොල්වින්, යාපනයේ සිට පැමිණි 55 හැවිරිදි ආර්. කන්නන් සහ 23 හැවිරිදි එස්. පාණ්ඩියන් නැමති අය වෙයි.

මේ අනුව අතුරුදහන්ව ඇති ධීවරයින් හා ධීවර යාත්‍රාව පිළිබඳව සේවීමට නාවික හමුදාවේ සහායද ලබාගැනීමට නියමිත බවට මන්නාරම් පොලීසිය වැඩිදුරටත් පැවසීය.

 



Recommended Articles