මුහුදු කූඩැල්ලන් කිලෝ 4540 ක පමණ ප්‍රමාණයක් අත්අඩංගුවට


ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් මාතර කුඩාවැල්ල ධීවර වරායේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 4540ක පමණ ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත.

වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මාතර කුඩාවැල්ල ධීවර වරාය වෙත පැමිණි ධීවර යාත්‍රාවක් පරීක්‍ෂා කිරීමේදී එම යාත්‍රාවේ තිබී මෙම මුහුදු කූඩැල්ලන් කිලෝ 4540 ක පමණ ප්‍රමාණය සොයා ගැනීමට සමත්වූ අතර, එහිදී සැකකරුවන් 07 දෙනෙකු සමඟ අදාල ධීවර යාත්‍රාව සහ එහි තිබූ ධීවර ආම්පන්න අත්අඩංගුවට ගෙන ඇත.



Recommended Articles