මුහුදට වැටී දෙදරු පියකු අතුරුදන්


අලුතින් මිලදීගත් ධිවර යාත්‍රාවකින් මුහුදට ඇද වැටීමෙන් ධීවර කාර්මික දෙදරු පියකු අතුරුදන් වී ඇති බවට අද(4) පැමිණිල්ලක් ලැබී ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි.

මෙලෙස අතුරුදන් වී ඇත්තේ ගාල්ල මාගාල්ල ප්‍රදේශයේ පදිංචි කේ.ඒ.සී. තුෂාර(45) නම් දෙදරු පියකු බව පොලිසිය කියයි. ඔහු ධීවර යාත්‍රා කාර්මිකයකු ලෙස සේවය කර ඇතැයි පොලිසිය කියයි.

ගාල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු ධීවර යාත්‍රාවක් මිලදී ගැනීම සඳහා ඔහුගේ පුතෙකු සහ අතුරුදන් බව කියන ධීවර යාත්‍රා කාර්මිකයා ඊයේ (3) හම්බන්තොටට ඒවා ඇතැයි තොරතුරු අනාවරණය වූ බව පොලිසිය කියයි. ධීවර යාත්‍රාව මිලදී ගැනීමෙන් පසුව මොවුන් දෙදනා යළි ගාල්ල බලා යමින් සිටියදී රාත්‍රී 9.45ට පමණ තංගල්ල මුහුදු තීරයේදී ධීවර යාත්‍රා කාර්මිකයා යාත්‍රාවේ නොමැති බව තරුණයා දැක ඒ පිළිබඳව ඔහුගේ පියාට දැනුම් දී ඇතැයි පොලිසිය කියයි. ඉන් අනතුරුව ධීවර යාත්‍රාවේ හිමිකරු මේ සම්බන්ධයෙන් තංගල්ල මූලස්ථාන පොලිසියට අද පැමිණිලි කර ඇත.

අනීෂා මානගේ



Recommended Articles