මුහුද රළු විමේ අවදානම තවදුරටත්


ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඉදිරි පැය 24 තුළදි ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඇතැම්විට සුළගේ වේගය පැයට කිලෝමිටර් 60ත් 70ත් අතර ඉහළ යා හැකි බවයි.

එබැවින් ධිවර ප්‍රජාව හා නාවික ප්‍රජාව අවධානයෙන් සිටින ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ.



Recommended Articles