මුහුණු සිප ගත් බස් අනතුර නිසා අයෙක් මරුට, 23ක් රෝහලට


කොළඹ - නුවර මාර්ගයේ ගනේතැන්න ප්‍ර දේශයේදී මහනුවර සිට කොළඹට ධාවනය වූ ලංගම බස් රථයක් හා මීගමුව සිට මහනුවරට ධාවනය කළ පෞද්ගලික බස් රථයක් මුහුණ මුහුණ ගැටී අනතුරක් සිදුව ඇතැයි පොලීසිය කියයි.

මෙම බස් රථ අනතුරින් එක් පුද්ගලයෙක් මියගොස්  බස් රථ දෙකෙහි රියදුරන් දෙදෙනා ඇතුළුව පුද්ගලයන් 23ක් තුවාල ලබා තිබේ.
මරණකරු අවුරුදු 59ක් වන මීරිගම පදිංචිකරුවෙකි.

 



Recommended Articles