මුස්ලිම් ජාතිකයෙකුගේ හිස් ඉඩමකින් ජීව අත්බෝම්බ ඇතුළු උපකරණ


බිබිල මැදගම පොලිස් වසමේ ගොඩිගමුව මුස්ලිම් ගම්මානයේ හිස් ඉඩමක ගල් බෙනයක් තුළ සඟවා තිබූ විදේශීය රටක නිෂ්පාදිත පතොරම් තුවක්කුවක් සහ SFG වර්ගයේ ජීව අත්බෝම්බ දෙකක් ඊයේ  (6) අත්අඩංගුවට ගෙන ඇත.                   

ශ්‍රී ලංකා යුද  හමුදාවේ මාලිගාවිල ගැමුණුහේවා බලකායේ කපිතාන් ඩබ්ලිව්.යූ.ඇස් කුමාර මහතාට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී දෙදෙනෙකු සමඟ තුවක්කුව සහ අත්බෝම්බ මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් බිබිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට මැදගම පොලීසිය කටයුතු යොදා ඇත. 

 



Recommended Articles