මුල් මාස හයේදී වාහන 327000ක් ගෙන්වලා


මේ වසරේ මුල් මාස හයක කාලය තුළදී මෙරට වෙත අලුතින් මෝටර් රථ 327,000 කට වැඩි ගණනක් ආනයනය කර තිබෙන බව ලංකා වාණිජ මණ්ඩලය සඳහන් කරයි. ඒ අනුව මේ හරහා රජයට රුපියල් බිලියන 896.4ක රේගු බදු ආදායමක් හිමිව තිබේ.

ලංකා වාණිජ මණ්ඩලය පසුගියදා නිකුත් කළ මෝටර් රථ කර්මාන්ත වාර්තාව 2025/26 (Motor Vehicle Industry Report 2025/26) වාර්තාවේ මෙම කරුණු සඳහන්ව තිබේ. ‍ෙ

මෙම වාර්තාව තුළ කර්මාන්තයේ ප්‍රවණතා, ප්‍රතිපත්ති වෙනස්කම්, වෙළෙඳපොළ දත්ත සහ ශ්‍රී ලංකාවේ මෝටර් රථ අංශයේ අනාගත ඉදිරි දැක්ම පිළිබඳව කරුණු ඇතුළත් වන බව සඳහන් වෙයි.



Recommended Articles