මුද්‍රා විවෘත නොකළ ලිට්‍රෝ ගෑස් සිලින්ඩර් නැවත භාර ගන්නැයි සමාගමට උපදෙස්


නිවාස වල හා අලෙවි නියෝජිතයන් සතුව ඇති  නිල් පැහැති මුද්‍රා විවෘත නොකළ ලිට්‍රෝ ගෑස් සිලින්ඩර යළිත් සමාගම වෙත භාර ගන්නා ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ලිට්‍රෝ සමාගමට උපදෙස් දී තිබේ.

මේ වන විට ලි ට්‍රෝ සමාගම විසින් රතු පැහැති මුද්‍රාව සහිත නව ගෑස් සිලින්ඩර වෙඳපොළ වෙත නිකුත් කරමින් පවතී.

කෙසේ වෙතත් ගෑස් සිලින්ඩර ආශ්‍රිතව ඇතිවූ ගැටලුකාරි තත්ත්වය හේතුවෙන් පාරිභෝගිකයන් විසින් ගෑස් මිලදී ගැනීම යම්තාක් දුරකට අඩුවී ඇති බව අලෙවි නියෝජිතයන් සඳහන් කරයි.



Recommended Articles