මුදල් පනත් කෙටුම්පත දෙවනවර කියවිම අද


පාර්ලිමේන්තුව අද (07) රැස්වීමට නියමිතව තිබේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසීය.

පවතින කොවිඩ් -19 තත්ත්වය හමුවේ සැප්තැම්බර් මාසයේ දින දෙකක් පමණක් පාර්ලිමේන්තුව රැස්වීමට පසුගියදා පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය.

අද පෙරවරු 10.00ට රැස්වෙන පාර්ලිමේන්තුවේ පෙරවරු 11.00 දක්වා කාලය මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන්කර තිබේ.

පෙරවරු 11.00 සිට පස්වරු 4.30 දක්වා අත්‍යාවශ මහජන සේවා පනත යටතේ නියෝගයක්,  ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත් කෙටුම්පත දෙවන වර කියවීමට නියමිතය.

එමෙන්ම මුදල් පනත් කෙටුම්පත දෙවන වර කියවීම ද අද දිනයේ සිදුකිරීමට නියමිතව තිබේ.

 



Recommended Articles