මුදල් කාරක සභාව නම් කරයි


නව වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේදී කටයුතු කිරීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 18 දෙනෙකුගෙන් සමන්විත පාර්ලිමේන්තු මුදල් කාරක සභාව නම් කර තිබේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ඊයේ (03) මේ බව පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

ආචාර්ය බන්දුල ගුණවර්ධන ,කෙහෙළිය රඹුක්වැල්ල,සුසිල් ප්‍රේමජයන්ත,විදුර වික්‍රමනායක,ආචාර්ය සරත් වීරසේකර,ඩී.වී චානක, ආචාර්ය නාලක ගොඩහේවා යන අමාත්‍යවරුන්ද අනුර ප්‍රියදර්ශන යාපා,විජිත හේරත් ,ඩිලාන් පෙරේරා,ආචාර්ය හර්ෂ ද සිල්වා,එම්.ඒ සුමන්තිරන්,චමින්ද විජේසිරි,හේෂා විතානගේ,ඉසුරු දොඩන්ගොඩ,සහන් ප්‍රදීප් සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර සහ අනුප පැසකුවල් යන මන්ත්‍රීවරුන්ද ඊට අයත් වෙති.

මේ අතර මුදල් කාරක සභාව රැස්වී එහි සභාපතිවරයා තෝරා ගැනීමට එම කාරක සභාවේ මන්ත්‍රීවරුන් විසින් ගනු ලැබූ යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත විය.



Recommended Articles