මුදල් අමාත්‍යාංශ ලේකම් ධුරයට ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම


හිටපු මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙසින් පත් කර තිබේ.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ මහින්ද සිරිවර්ධන මහතා සිය ධුරයෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව මෙම පත්කිරීම සිදුකර තිබේ.

මහින්ද සිරිවර්ධන මහතා ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) විකල්ප විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙස වැඩභාර ගැනීමට නියමිතය.

 



Recommended Articles