මුදල් අමාත්‍යංශයේ ගින්නක්


කොළඹ මුදල් අමාත්‍යාංශ ගොඩනැගිල්ලේ දෙවැනි මහලේ පිහිටි ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ ඊයේ(16දා) සවස ගින්නක් හට ගැනුණි. මෙම ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවට සැක කෙරේ.

කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන කණ්ඩායම එම ස්ථානයට ළඟා වී ගින්න පාලනය කිරීමට පියවර ගත් බව පැවසෙයි. මෙහිදී කිසිවෙකුටවත් හානියක් සිදුව නැත.



Recommended Articles