මුදලට සූදු ක්‍රීඩා කළ චීන ජාතිකයන් 12ක් අත්අඩංගුවට


කොල්ලුපිටිය මහල් නිවාස සංකීර්ණයක මුදල් ඔට්ටුවට සූදු ක්‍රීඩාවේ නිරත වූ චීන ජාතිකයන් 12ක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.මේ අතර සැකකරුවන් 9ක් හා සැකකාරියන් 3ක් සිටියි.

ඔවුන් අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී මුදලින් රුපියල් ලක්ෂ 65ක්, මුදල් ගණින යන්ත්‍රයක්, පරිගණකයක් හා රූපවාහිනයක් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් අද දිනයේදී අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.



Recommended Articles