මුදලට බූරුවා ගැසූ කාන්තාවන් 13ක් ඇතුළු 16ක් අල්ලයි


වාද්දුව ප්‍රදේශයේ බූරු පිටි දෙකක් වටලා කාන්තාවන් 13 ක් ඇතුළු 16 දෙනෙකු අත් අඩංගුවට ගත්බව වාද්දුව පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වාද්දුව වේරගම සහ හබරලගහලන්ද ප්‍රදේශයේ පදිංචි පිරිසක් බව  පොලිසිය කීය.

ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක විතානගේ මහතා ට ලද තොරතුරක් මත පොලිස් කණ්ඩායම් ස්ථාන දෙක වටලා සැකකරුවන් අත් අඩංගුවට ගෙන රුපියල් ලක්ෂයකට අධික මුදලක් , බූරු කූට්ටම් දෙකක් සහ පැදුරු දෙකක් පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .

ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක විතානගේ මහතා ගේ ප්‍රධානත්වයෙන් කාන්තා නිළධාරින් ඇතුළු පොලිස් කණ්ඩායමක් වැටලීමට එක්වූහ.

පානදුර සුමිත් පොතුපිටිය සහ වාද්දුව දයා හේමන්ත සිල්වා 



Recommended Articles