මුතූගේ ප්‍රතිකාර සඳහා ලංකාවෙන් කණ්ඩායමක්


ශ්‍රී ලංකාවේ තායිලන් තාතානාපති කාර්යාලයේ ආරාධනයකට අනුව මුතුරාජා හස්තියාගේ ප්‍රතිකාර කටයුතු සඳහා එක්වීමට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සත්ත්ව සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන රාජපක්ෂ  පශු වෛද්‍ය මධූෂා පෙරේරා ජ්‍යේෂ්ඨ සත්ත්ව ආරක්ෂක, නදුන් ඇතුලත්මුදලි යන මහත්ම මහත්මීන් සමග තායිලන්ත තානාපති කාර්යාලයේ නිලධාරී දෙදෙනකු ඇතුළු පස් දෙනෙකුගේ කණ්ඩායමක් 04 දින රාත්‍රී 11:00ට පමණ  කටුනායක ගුවන් තොටුපොලෙන් තායිලන්තය බලා පිටත් ගියේය.

මුතුරාජාට ආදරය කරන සුවහසක් පිරිසගේ සුභාශිංසන රැගෙන ඔහුගේ වත්මන් තත්වය  සොයා බැලීමට  තායිලන්තයට යාමට ලැබීම ශ්‍රී ලංකාවට ලැබුණු  සුවිශේෂ අවස්ථාවක්යයි  ජාතික සත්වෝද්‍යානයෙහි පශු වෛද්‍ය මධූෂා පෙරේරා මහත්මිය පැවසිය

පශුවෛද්‍ය වරිය මෙම අදහස් පලකලේ තායිලන්තය බලා පිත්වයාමට කටුනායක ගුවන් තොටුපොල වෙත පැමිණි අවස්ථාවේ මාධ්‍යවෙත අදහස් පළකරමිනි.

මෙහිදී තවදුරටත් අදහස් පලකල පශු වෛද්‍ය මධූෂා පෙරේරා මහත්මිය, “මුතුරාජා හස්තියාට වසර 9 ක් පමණ කාලයක් සත්ව උද්‍යානයේදී ප්‍රතිකාර කල පසුවෛද්‍යවරියක් ලෙස  අද මම ඉතාමත් සතුටට පත්වෙනවා අපට මේ ලැබිතිබෙන්නේ සුවිශේස අවස්ථාවක්

 මෙම ගමන මුතුරාජාගේ සංසිද්ධිය හරහා  තායිලනත්ය සහ ශ්‍රී ලංකාව අතර හිලෑඅලිඅතුන්ගේ සුභසාධනය සෞඛ්‍ය ආරක්ෂාව නගාසිටුවීම සදහා ඇතිකරගන්නට නියමිත සහයෝගිතාවයේ මුල්පියවර ලෙස හදුන්වන්න පුළුවන් නිරෝධායනය අවසන්කර අලිරෝහල වෙත යොමුකර තිබෙන මුතුරාජා හස්තියාගේ ප්‍රතිකාර කටයුතු සදහා සහයෝගය ලබාදීමත් මෙම ගමනේ තවත් අරමුණක්” යැයිද පශුවෛද්‍ය වරිය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මිගමුව  බර්ටි වීරසිංහ



Recommended Articles