මුණුපුරා හා මිත්තණිය දියේ ගිලී මරුට


උඩදුම්බර පොලිස් වසමේ මීමුරේ පුස්සෙඇල්ලේ දිය නෑමට ගියඅට හැවිරිදි දරුවෙකු සහ එම දරුවාගේ මිත්තණියදියේ ගිලී මිය ගොස් තිබේ.

මියගිය දරුවා තම පියා සමග ඔහුගේ මිත්තණිය බැලීම සඳහා ගැමුණුපුර කුඩාඔය ප්‍රදේශයේ සිට පසුගිය 12වැනි දින මීමුරේ ප්‍රදේශයට පැමිණ ඇති අතර එදින සවස තම මිත්තනිය සමග ඇල්ලේ දිය නාමින් සිටියදී දරුවා දියේ ගිලෙනු දැක ඔහු බේරා ගැනීමට තැත් කිරීමේ දී මිත්තණිය ද දියේ ගිලී මියගොස් ඇති බව පොලීසිය කියයි .

එසේ මියගොස් ඇත්තේ ඒ ආරියවතී (59) සහ ඇයගේ මුණුපුරා වන තේනුක සත්සර මිහිරංග (08) නැමැති දෙදෙනා බව පොලීසිය කියයි .

උඩදුම්බර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂකතුසිත් දොඹගම්මනමහතාගේ මෙහෙයවීමයටතේ වැඩිදුර විමර්ශන සිදු කෙරේ.

ෂේන් සෙනෙවිරත්න



Recommended Articles