මුඛ ආවරණ පැළඳ නොසිටි පුද්ගලයින් 1,441 ක් ස්වයං නිරෝධායනයට


ප්‍රසිද්ධ ස්ථානවල මුඛ ආවරණ පැළඳ නොසිටි පුද්ගලයින් 1,441 ක් ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

බස්නාහිර පළාත තුළ පොදු ස්ථානවල දී මුඛ ආවරණ නොපැළද සිටි පුද්ගලයින් දහසකට වැඩි පිරිසක් නිරෝධායනයට යොමු කර තිබේ.

ඊයේ පෙරවරු 06.00 සිට පස්වරු 06.00 දක්වා සිදුකළ මෙහෙයුම්ක දී මෙම පිරිස හඳුනා ගෙන ති​බේ.

ඒ අනුව පුද්ගලයින් 1,441 දෙනෙකු තම නිවෙස්වලම ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.



Recommended Articles