මුඛ ආවරණ නොමැතිව බස් රථවලට මගීන් නංවා ගන්නේ නෑ


මුඛ ආවරණ නොමැතිව පැමිණෙන මගීන් බස් රථවලට නොගන්නා බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කර සිටියි.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසන්නේ ඒ පිළිබඳව බස් රථ රියදුරන් සහ සහායකයින් දැනුවත්කර ඇති බවය.

අද (05) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ගැමුණු විජේරත්න මේ බව පැවසීය.

 



Recommended Articles