මුඛ ආවරණ නොපැළදි ලාංකිකයන් දෙදෙනෙකුට ඉතාලියේදී දඩ


මුඛ ආවරණ නොපැළඳීම හා දුරස්ථභාවය නොතිබීම සම්බන්ධයෙන් ලාංකිකයන් දෙදෙනෙකුට  යුරෝ 377 බැගින් යුරෝ 754 ක් ( ශ්‍රී ලංකා මුදලින් එක්ලක්ෂ පණස් දහසකට අධික මුදලක්) දඩ ගෙවීමට වු සිදුවීමක් ඉතාලියේ බ්‍රේෂියා නගරයෙන් වාර්තා විය.

මෙම ලාංකිකයන් දෙදෙනා වාහනයක ගමන් කිරිමේදි මාර්ග පරික්ෂාවක නිරතව සිටි පොලිස් රථ වාහන අංශ නිළධාරින් විසින් නවතා පරික්ෂා කිරිමේදි එක් අයෙකුට මුඛ ආවරණ තිබුණත් එය නිසි ලෙස පැළඳ නොසිටිමත් අනෙක් පුද්ගලයාට මුඛ ආවරණ නොතිබීමත් නිසා මෙම දඩය නියම වී තිබේ.

චන්දන ප්‍රනාන්දු



Recommended Articles