මීතොටමුල්ල නාය යෑමේ දී හානි වූ වාහන 36ක් වෙනුවෙන් වන්දි


මීතොටමුල්ල කසළ කන්ද නාය යෑමෙන් හානි වූ වාහන 36ක හානිය තක්සේරු කිරීම සඳහා පත් කෙරුණු කමිටුවෙහි නිර්දේශ අනුව අදාළ වාහන හිමිකරුවන් සඳහා වන්දි ලබාදීමට රජය තීරණය කර තිබේ.

 කොළඹ අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පත්කර ඇති මෙම කමිටුව විසින් අදාළ  වාර්තාව අමාත්‍ය මණ්ඩලයට යොමු කර ඇත.

 



Recommended Articles