මීගමුවේ ගැටුමට තවත් 6ක් අත්අඩංගුවට


මීගමුව, පෙරියමුල්ල ප්‍රදේශයේ හෝටලයක සිදුවූ ගැටුමට අදාළව තවත් සැකකරුවන් 6ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

ඒ ඔවුන් නීතිඥවරයෙක් මාර්ගයෙන් මීගමුව පොලිස් ස්ථානයට භාරවීමෙන් අනතුරුවය.

ඊයේ (09දා) ඇතිවූ ගැටුමට අදාළව මේ වන විට පුද්ගලයන් 7ක් අත්ඩංගුවට ගෙන තිබේ.  

මෙම සැකකරුවන් 7 දෙනා හෙට (11ද) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

මෙම ගැටුමෙන් එක් පුද්ගලයෙකු මිය ගියේය. 

 



Recommended Articles