මීගමුව බන්ධනාගාරයේ මත්කුඩු ජාවාරමට තවත් අයෙක් අත්අඩංගුවට


මීගමුව බන්ධනාගාරගතව  සිටින රැඳවියෙකගේ සම්බන්ධතාවක් සහිතව පවත්වාගෙන යන හෙරොයින් ජාවාරමකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

මීගමුව පොලිස් අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

සැකකරු අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී හෙරොයින් ග්‍රෑම් 11 මිලි ග්‍රෑම් 120ක් හා රුපියල් 60 150ක්ද තිබී ඇත.

 



Recommended Articles