මීගමුව බන්ධනාගාරයේ තිබි ජීව උණ්ඩ කිහිපයක් සොයා ගනියි


මීගමුව බන්ධනාගාර භූමියේ තාප්පයක් අසල තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබේ.

බන්ධනාගාරය මගින් මීගමුව පොලීසියට සිදුකළ දැනුම්දීමක් මත බන්ධනාගාර ජේලර්වරුන්ගේ නිල නිවාස පිටුපස උණ පඳුරක් අසල තිබී මෙම ජීව උණ්ඩ සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

අදාළ ස්ථානයේ තිබී ටී-56 ජීව උණ්ඩ 13ක් සොයාගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව බන්ධනාගාර නිලධාරීන් සහ මීගමුව පොලීසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.

 



Recommended Articles